Yohani ft. Chanuka Mora - Rawwath Dasin (රැව්වත් දෑසින්) Official Music Video-64
[00:35.25] රැව්වත් දෑසින් එක හෙලින්
[00:38.16] දැනුණා නුඹේ ආදර වදන්
[00:41.66] මට සිහිවේ
[00:45.41] මට සිහිවේ
[00:49.53] ඔබේ ගුණ කඳ මං ගයමි දැන්
[00:52.77] මගේ ආලෝකය නුඹ සෑම කල්
[00:56.53] ඔබ වන්දේ
[01:00.03] ඔබ වන්දේ
[01:07.28] තේරෙන් නෑ මේක පටන් ගන්න තැන
[01:08.78] මට මගේම හීනෙක තනිවෙන්නට
[01:10.79] වරම් නෑ මේක ඇදන් යන්න, කමක් නෑ
[01:12.78] මට විදිහක් නෑ මේක කියන්න
[01:14.52] මේකයි මං ආස විදිහ නුඹේ ගුණ වයන්න
[01:17.03] මගේ ආදරේ තරම කියන්න, කියන්න
[01:18.78] ඔබේ සවන් යොමන්න
[01:19.78] ඔබෙ අකීකරු දෝනිගේ කතාව අහන්න
[01:22.03] එනකන් මග බලන් හිටියා අපි වරු ගණන්, දින ගණන්
[01:25.02] ඔබ නැති මේසේ, කෑවත් නෑ බඩ පිරුණේ නෑ
[01:27.03] ඔබ දකිනකන්, ගෙට වඩිනකන්
[01:29.04] පියතුමනි අපිට පද හැදුවා බේගල් තැනුවා
[01:31.53] ඔබ ළඟ නැති හින්දා අපි වින්දා මව නින්දා වින්දා
[01:34.28] මම ඒ දෙස බලන් රහසින් ඉකි බින්දා
[01:37.03] කළුවර රෑ තනි කෙරුවට ඔබයි පිය රජින්දා
[01:40.53] උතුරත් දකුණත් යා කල බල සෙන් නිරින්දා
[01:44.27] අපි දුක් වින්දට දිවා රෑ නුඹ රට රැකුවා
[01:48.03] වඳින්නේ දෑත් මුදුන් කොට, නුඹයි මගේ විරුවා
[01:54.03] රැව්වත් දෑසින් එක හෙලින්
[01:57.53] දැනුණා නුඹේ ආදර වදන්
[02:01.03] මට සිහිවේ
[02:04.76] මට සිහිවේ
[02:08.78] ඔබේ ගුණ කඳ මං ගයමි දැන්
[02:12.28] මගේ ආලෝකය නුඹ සෑම කල්
[02:15.78] ඔබ වන්දේ
[02:19.28] ඔබ වන්දේ
[02:28.20] තිබුන් නෑ හරි ළමා කාලයක්
[02:29.95] තිබුනෙම ගැහෙනා නිහඬ භාවයක්
[02:31.68] රටින් රටට පිය මනින තාලයක්
[02:33.71] එකට කෑවෙ නෑ සෑහෙන කාලයක්
[02:35.70] පන්තියේ යාළුවෝ රවපු කාලයක්
[02:37.44] එන්නෙපා පාසල් කියපු රාවයක්
[02:39.20] ගොදුරක් වෙයි අපි උඹ නිසා
[02:40.95] රැව් දෙයි ඒ වදන් කන් පුරවලා
[02:42.95] වෙඩි නොවදින වවුනියාව
[02:44.69] මතකද නංගිගේ හුරතල් හිනාව
[02:46.45] මට තාම මතකයි ඔබ ගාව සුවඳයි
[02:48.20] හැම රෑම හඬවයි
[02:49.20] අම්මේ තාත්තා කෝ
[02:50.70] ඝණ කැලයක තනිවෙලා
[02:51.95] නුඹ වදිනවා යුධ, දිවි පසෙකලා
[02:53.70] ඒ බව මගේ හිත දැනං හිටි නිසා
[02:55.70] හැම දින නුඹ හට ආදරේ කළා
[02:58.21] කළුවර රෑ තනි කෙරුවට ඔබයි පිය රජින්දා
[03:01.96] උතුරත් දකුණත් යා කල බල සෙන් නිරින්දා
[03:05.46] අපි දුක් වින්දට දිවා රෑ නුඹ රට රැකුවා
[03:09.21] වඳින්නේ දෑත් මුදුන් කොට, නුඹයි මගේ විරුවා
[03:15.19] රැව්වත් දෑසින් එක හෙලින්
[03:18.70] දැනුණා නුඹේ ආදර වදන්
[03:22.20] මට සිහිවේ
[03:25.69] මට සිහිවේ
[03:29.95] ඔබේ ගුණ කඳ මං ගයමි දැන්
[03:33.20] මගේ ආලෝකය නුඹ සෑම කල්
[03:36.94] ඔබ වන්දේ
[03:40.70] ඔබ වන්දේ
