Lrc Player

Suckdevi Wanuma

Charitha Attalage ft Wayo , Ravi Jay
[04:21.01]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:18.51] පවට බරනුව දැකලා, පඬුපුලට සංකා

[00:23.29] නොමැත සක් දෙයියා, අහෝ, අද

[00:27.54] කව්රු අඳිනුද හාවා, රුදුරු දන බෝමා

[00:32.86] නොමැත සක් දෙයියා, අහෝ, අද

[00:37.12] ඉඳින් සඳෙහිම හාවා

[01:01.28] බොහෝ සතුන් ඇත, බෝසතුන් නැත

[01:05.80] පිරිහිලා ලොව, පිරිහීලා

[01:10.84] වන විහඟ ලොව රජ පදවි ලැබ

[01:15.62] ඉගිලෙනා බකමූණු රජා

[01:20.40] සක් දෙවිඳු නැත, සිත්තමට ගෙන

[01:25.19] අඳිනු බෑ අද සඳ සාවා

[01:29.96] දුනු දිය අදින රුදුරු නර කැළ

[01:34.76] වඩිනු එපා, අද වඩිනු එපා

[01:39.28] තහනමේම මල් ගෙන, ආවා හඳ වෙත සකි ඇන්ද හාවා හමුවෙන්න

[01:43.25] හඳ පෙන්නලා, කළා හාවා දුප්පත් මිනිසා පොලොවේ සක්විති, ඒකටයි දුක

[01:48.03] අවංක වෙලා පැන්නා ගිනි මගට, දන්නේ දැවෙනකොට

[01:51.23] වෙලානේ අපි හාවෝ මේ හුස්මේ බදු ගෙවන

[01:53.62] වැඳගෙන එන්නේ බෝසතුන් නෙමේ පෝසතුන් වෙන්න

[01:56.28] බොහෝ සත්තු, බෝසත් වෙස් ගෙන

[01:58.67] එදා සිට රත්කළ එක තමා කළේ පුටු

[02:00.53] ඔක්කොම සක්විතිවරු හම්බකරං මාරු

[02:03.18] අපි අසරණයි රටේ

[02:04.78] කාලෙන් කාලෙට කඬුපුලේ සක්විතිවරු පොර කතේ

[02:07.97] එදා වගේ අද ගින්නට පැන්නොත් ඉන්නේ මරු කටේ

[02:10.36] ඉන්න බෑ පොලොවේ, ඒකයි ආවේ මං හඳේ

[02:13.01] මලක් අරගෙන එහෙනං ඉමු හාවො පොලොව බලං

[02:15.67] තෙලි තුඩද බිම හෙළුවා, නුඹේ රුව ඇඳලා

[02:20.98] ගියා සක් දෙයියා, අහෝ, අද

[02:25.24] අඳින්නට ඒ වාගේ, කෙනෙක් නැත ලෝකේ

[02:30.54] ඉඳින් හැම කාලේ සඳේ මැද

[02:34.80] සිනා සී මේ වාගේ

[02:59.50] බොහෝ සතුන් ඇත, බෝසතුන් නැත

[03:03.25] පිරිහිලා ලොව, පිරිහීලා

[03:08.30] වන විහඟ ලොව රජ පදවි ලැබ

[03:13.08] ඉගිලෙනා බකමූණු රජා

[03:17.86] සක් දෙවිඳු නැත, සිත්තමට ගෙන

[03:22.38] අඳිනු බෑ අද සඳ සාවා

[03:27.42] දුනු දිය අදින රුදුරු නර කැළ

[03:31.94] වඩිනු එපා, අද වඩිනු එපා

[03:37.25] ඇත පෑනක් ඇත්ත ලියන්න බැරුව

[03:39.38] වැදි බණ වේදිකාවේ පන්සලේ නොව

[03:42.03] කටුමැටි ගේ දුක දෝංකාරය

[03:43.89] ඇහුන් නෑ කළු වීදුරු ඇතුලට

[03:46.55] දුප්පතාගේ වෙන්නේ කුස පස්සට

[03:48.71] සක්විති තුමාගෙ කුස ඇයි පෙරට

[03:51.62] තේරෙන දින රටේ ඔලුවලට

[03:53.75] අපි මියැදුනු තැන ගස් නැත පුත