Lrc Player

Ahaliya Mala (ඇහැළිය මල)

Dilki Uresha & Uzi Senadeera
[03:25.92]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:03.03] මගේ තරමට

[00:04.08] නුඹේ ලග නැති පෙම ගැන හිතලා

[00:10.16] හිරි පොද වැහි ඇති

[00:11.98] හවසක නිහඩව හැඩුවා

[00:17.28] ඇහැළිය මල මම මඳ සුලඟට

[00:20.70] වුව සැලෙනා

[00:24.38] නුඹ සැඩ සුලඟකි මග එන බව

[00:27.83] දැන සිටියා

[00:31.26] හද හඬනා පැය ගෙවුනා

[00:34.93] රතු නෙතු රෑ මැද දැවුනා

[00:38.62] රැය නොනිදා නිදි වැරුවා

[00:41.77] ඉකි බිදුනා

[00:45.74] නිහඩ වුනා රෑ නුඹ අමතා

[00:48.88] නුඹ කීම මේ හැටි තරහා

[00:52.83] හිත තෙමුනා හඩ ඇසිලා

[00:56.02] හිත රිදුනා

[01:01.06] හොයනවා හීනෙක මාව

[01:02.92] මුමුනන ගීතෙක රාව

[01:04.51] කෙලෙසද අපි අපේ වෙලා

[01:06.11] අද හමුනොවී දෙතැනක හොයනවා කාව

[01:08.26] දුක දැක සතුටේ හිදින්නම්

[01:09.86] මතකය තුරුලේ නිදන්නම්

[01:11.50] ආලේ නිද්‍රාවක් නම් හීන දකින්නම්

[01:13.09] මං ආයෙත් හොයයි නුඹ ඇහැරුනාම

[01:15.22] ආලෙට තිව්වා තිතක්

[01:16.54] කඩන්න බෑ මට තවත් හිතක්

[01:18.40] ඇහැළියා මං ඈතට යන්නම්

[01:20.00] දෙන්න බෑ කදුලක් නුදුන් නිසා

[01:22.12] කන්නකි නුඹ මං දෙන්න හොවාලම්

[01:23.72] ප්‍රේමේ නම් නෙවෙ දන් දෙන්නම් හිසක්

[01:25.84] රෝස තුඩක් වගේ

[01:26.67] තියුනු බවින් පිරි

[01:27.73] ආදරේ කියන්නේ අමුතු විසක්

[01:29.33] රාගි දෙනෙත්

[01:30.66] නිල්වන් කොපුල් මතින් හිනැහුනු

[01:32.79] නුඹ හත් පෙති මලක් ය අද තමා සිහිවුනේ

[01:34.91] මගේ අතින් ගිලිහුනු

[01:36.25] දෑසින් රූරා වැටෙන්නෙ කඳුලක්

[01:37.85] ආලෙට කොහෙන්ද තව පතුලක්

[01:39.71] දිය පොද දැක්ක දවසක

[01:41.04] පෙම්කල කතරක මා මොහයකින් පෙලුනු

[01:44.51] හද හඬනා පැය ගෙවුනා

[01:48.22] රතු නෙතු රෑ මැද දැවුනා

[01:51.67] රැය නොනිදා නිදි වැරුවා

[01:55.12] ඉකි බිදුනා

[01:58.84] නිහඩ වුනා රෑ නුඹ අමතා

[02:02.56] නුඹ කීම මේ හැටි තරහා

[02:06.02] හිත තෙමුනා හඩ ඇසිලා

[02:09.47] හිත රිදුනා

[02:14.53] දෙනෙත් මත ආලෝකයක්ව පැතිරී

[02:16.39] සියපතක් වගේ තව හිතක් ලගදී හිදී වැතිරී

[02:19.31] වතාවක් වතාවක් ආයෙ මම නාවත්

[02:21.17] දැන් කාලේ ගෙවුනේ මදුවිතිනි

[02:22.76] අවසරයි තිතක් තියන් යන්න මතු

[02:24.62] අදින් කිසිත් නෑ අපේ දැන් ඉතිරි

[02:26.48] ආලේ සිදිනි

[02:28.08] සම්මතයක් වුවත් අසම්මතයක් වුවත්

[02:29.94] දැක්කේ නෑ සීමාවක් උඹ වගේම රුවක්

[02:31.79] මං ආයේ පාරක් මට කියන්නේ කුමක්

[02:33.39] දැන් මන්දන්නේ නුඹෙන් තොරවූ ලොවක්

[02:35.52] හීන එක්ක මියයන

[02:37.10] දවසක් නෑ යලි එන

[02:38.70] ඉකි බිදි නැසුනත්

[02:40.03] දෛවය සරදමක් නිසා

[02:41.09] අවසන් ඇමතුමයි මම ඔබ අමතන

[02:42.68] ලං වෙන්න ලං වෙන්න මං දැක්කේ

[02:44.02] වෙනත් දුර හීන

[02:45.36] අපි අපේ ලෝකේ හොයන් ආ මග

[02:47.48] නැවතීය

[02:48.54] අපේ පටුනෙන් ඇරබී

[02:49.61] පිටුවෙන් පිටුව

[02:50.40] සායම් බිදු විසිරීය

[02:51.99] අපි අප කෙරේ තිබූ ආලේ මෙසේ

[02:53.58] නිමවීය නොදැනීම

[02:57.04] මගේ තරමට

[02:58.37] නුඹේ ලග නැති පෙම ගැන හිතලා

[03:04.24] හිරි පොද වැහි ඇති

[03:06.12] හවසක නිහඩව හැඩුවා

[03:11.44] ඇහැළිය මල මම මඳ සුලඟට

[03:14.36] වුව සැලෙනා

[03:18.61] නුඹ සැඩ සුලඟකි මග එන බව

[03:21.53] දැන සිටියා