Lrc Player

spotifydown.com - Kaali

Unknown artist
[03:18.02]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:31.33] ප්රාණ සම පෙම ද්රෝහි වූ දා

[00:37.33] ආත්මය විය කඨෝර

[00:45.30] සිහින් කෙඳිරිලි කෝල හසරැලි

[00:51.41] දවයි මා හද කුටීර

[00:58.85] ඇනුම් හී වර්ෂා මැද

[01:02.58] ලය දෙපළු කෙරුවා කෙඨේර

[01:06.82] වෛරයත් පිරුණාම වැඩියෙන්

[01:10.54] ගලන් යනවා පිටාර

[01:17.18] ♫♫♫♫

[01:44.87] ඵල තියෙන ගස් වටිනවාමයි

[01:48.85] සැකක් නෑ එය ඇත්තයි

[01:52.04] වඳ බැහැපු මං කොහොඹ ගානයි

[01:56.02] කදුරු වාගේ තිත්තයි

[01:59.03] බුදු පුදට වුව වරම් ලද්දේ

[02:03.02] මලින් සැරසුණු ඉත්තයි

[02:05.94] මගෙ හිමි ට මං පණ ඇරලා පෙම් කළා

[02:11.25] සමිඳුනි සත්තයි

[02:14.17] ♫♫♫♫

[02:41.80] සත් කඩක් සේ පැළුනු හෘදය

[02:45.27] කොහොම හරි මම මහන්නම්

[02:48.99] කෝන්තර වල කැළැල් නුඹගේ

[02:52.44] දෙපා මුලදිම වහන්නම්

[02:55.89] සසර දුර වූවාට කම් නෑ

[02:59.61] යශෝදරා මුණ ගැහෙන්නම්

[03:03.06] ඈව තනිකර සමිඳු ගිය දුක

[03:06.52] දරාගත් හැටි අහන්නම්