Ran Samanalayek
[00:21.53] රන් සමනලයෙක් ඇයගේ මුහුණේ
[00:25.44] පැණි බොන්නට ඇවිදින්
[00:29.05] කොහොමද සමනලයාට ඉතින් අපි
[00:32.69] ඇත්ත කියා දෙන්නේ ...
[00:36.89] ඇයගේ ගීයෙන් - මත් වූ කොවුලන්
[00:43.50] ඈ ළඟටම ඇවිදින්
[00:47.05] කවුරුද ඇය කෙවිලියක් නොවන වග
[00:50.66] උන්ට කියා දෙන්නේ ...
[00:54.32] ♫♫♫♫
[01:16.26] මොණරෙක් නැතිවුණ සිකිපිල් සොයමින්
[01:19.88] ඇයගේ වරල සිඹී
[01:23.28] ඒ මොණරා හට තතු පහදන්නෙ
[01:26.99] මොන විදියටද අපි...
[01:30.63] නා ගස නා දලු නරඹයි ඇයගේ
[01:34.24] තොල් පෙති වෙතට එබී
[01:37.88] අනේ අහිංසක නා ගස ඇය හට
[01:41.81] රැවටී තිබෙන හැටි ...
[01:45.22] ♫♫♫♫
[02:06.98] විලක් පලාගිය හංස යුවල
[02:10.38] කෝ විල ඇයගෙන් විමසයි
[02:14.54] දෑතින් සිය ලැම මඩල වසාගෙන
[02:18.16] විලියෙන් ඇය ඇඹරෙයි...
[02:21.75] කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ
[02:25.36] මහනෙල ඇගෙන් අසයි
[02:28.54] මානෙල් මල් පෙති ගත්තේ නැති
[02:32.30] බව කියමින් ඇය දිවුරයි ...
[02:36.25] රන් සමනලයෙක් ඇයගේ මුහුණේ
[02:39.86] පැණි බොන්නට ඇවිදින්
[02:43.31] කොහොමද සමනලයාට ඉතින් අපි
[02:47.32] ඇත්ත කියා දෙන්නේ ...
[02:50.88] ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන්
[02:58.04] ඈ ළගටම ඇවිදින්
[03:01.55] කවුරුද ඇය කෙවිලියක් නොවන වග
[03:05.36] උන්ට කියා දෙන්නේ ...
