Kiyanna_Sulange_Anasly_Malewana_Sarigama_lk
[00:09.81] කියන්න සුළඟේ, ඔබ කොයි සිට දෝ එන්නේ?
[00:13.78] සැරින් සැරේ හෙමින් ඇවිත්, හයියෙන් යන්නේ
[00:18.32] කියන්න සුළඟේ, ඔබ කොයි සිට දෝ එන්නේ?
[00:22.45] සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ
[00:30.97] කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ?
[00:35.09] වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ
[00:48.26] හමන තාලයටද ගහේ අතු කොල නැටුවේ?
[00:52.25] අතරමගදි ඔබ එනවිට මොනවද දුටුවේ
[01:00.96] ගොපලු පුතෙක් ගියා උදේ ගවරැල දක්කා
[01:05.07] මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා
[01:18.10] සමගි වෙලා තැන තැන යනවාලු එක රැලේ
[01:22.20] කැලය මැදදි සත්තු දැක්කේ නැද්ද මද නලේ
[01:30.90] කුරුලු මවක් නැති උනු පොඩි පැටවෙකු සෙව්වා
[01:35.35] තුරුලු කරන් මුව දෙන පැටියට කිරි පෙව්වා
[01:48.10] බුදුන් ගේ සිරිපාය තියැයි ලොව පරසිද්දේ
[01:52.32] සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියේ නැද්ද?
[02:00.84] ඔබත් ළමයෝ මේ අහන්නේ මොනවද මන්දා
[02:05.24] අදත් උදෑසන මා සිරිපාදය වැන්දා
[02:18.04] රටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න
[02:22.30] මටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්න
[02:26.56] රටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න
[02:30.80] මටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්න
