Mathaka - Abhisheka Wimalaweera, Karunarathna Divulgane [www.sangeethe.com]
[00:25.27] මතක ලන්තෑරුම් අඳුර මැද
[00:30.63] ඔබේ හුස්මක සුවඳ දැනුණා
[00:35.86] අහම්බෙන් වට මුරුගසන් වැහි
[00:40.79] මැද්දෙ මම තනියෙන්ම තෙමුණා
[00:50.46] කියන්නම මග බලාගෙන උන්
[00:56.23] වචන අමතක වෙලා රිදුණා
[01:00.97] දැනුණේ නැතුවට මගේ කඳුළින්
[01:06.22] කමිස උරහිස තෙමී තිබුණා
[01:16.47] මතක ලන්තෑරුම් අඳුර මැද
[01:21.74] හුස්ම නොතියා ඉන්න තිබුණා
[01:26.99] අහම්බෙන්වත් මුරුගසන් වැහි
[01:32.13] නොදී ඈතට යන්න තිබුණා
[01:41.91] කියන්නම ගිය වචන අමතක
[01:47.36] වුණත් මගෙ හදවතට දැනුණා
[01:52.63] නොදැනුණා වාගේම උන්නට
[01:57.60] සුදු කමිස උරහිසට රිදුණා
[02:02.30] ♫♫♫♫
[02:50.93] පරවෙලා මිහිදන් වෙලා උන්
[02:56.57] හිත ඔහේ පරවෙන්න තිබුණා
[03:01.76] නිල් පාට කටරොළු මලෙක නිල
[03:06.84] පිපුණු හිතකට දෙන්න තිබුණා
[03:16.61] තනිය හුරු මට මගේ ලෝකේ
[03:22.24] තනිය තනි නොකරන්න තිබුණා
[03:27.19] එදා ඔය ඇස් දිහා නොබලම
[03:32.34] බිම බලාගෙන යන්න තිබුණා
