Lrc Player

දෙපිය නගලා

Lavan Abhishek
[03:34.36]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:14.47] දෙපිය නගලා හරියකට ඇවිදින්න වත් බැරි පුංචි කාලේ

[00:21.47] කාටවත් බය වුනේ නෑ මං වීරයා ළඟ උන්න වෙලේ

[00:31.96] පේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දී

[00:38.98] කූඩු හදනා කුරුල්ලන් සේ නිදහසේ පියඹන්න දිරි දී

[00:49.46] ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි

[00:56.46] ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි

[01:03.48] හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි

[01:10.71] තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි

[01:45.46] අත අතැර දුර යන්න ඉඩ හැර වැටෙන නැඟිටින හැටි කියාදී

[01:52.71] අපි ගැනම හිත හිතා වෙහෙසෙන වෙහෙස නොබලා රෑ දවාලේ

[02:02.95] දුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුන විලාසේ

[02:09.96] වීරයොත් තනියෙන් අඬනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ

[02:20.21] ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි

[02:27.48] ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි

[02:34.47] හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි

[02:41.47] තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි

[02:48.72] ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි...

[02:55.72] ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි

[03:02.47] හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි

[03:09.71] තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි