2566988_1604127284
[00:08.90] 2020 ලෝක සතුටු දර්ශකය අනූව තුන්වන වරටත් ෆින්ලන්තය ලෝකයේ ප්‍රීතිමත්ම රට වන අතර ඩෙන්මාර්කය, නෝර්වේ, අයිස්ලන්තය සහ නෙදර්ලන්තය ඊට පසුපසින් සිටින රටවල්වේ.
[00:17.91] නිතර එලිමහනේ ඉන්න ජනතාවක්
[00:22.14] ෆින්තලන්තයේ ජනතාව වැඩියෙන්ම ඉන්නේ එලිමහනේ. රටේ පිරිසිදු වාතයක් සහිත පරිසරයක් තියෙනවා.රටේ වනාන්තර ප්‍රතිශතය 73%ක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනූව ෆින්ලන්තය පිරිසිදුම වාතය තියෙන රටවලින් එකක්. නිතර ස්වාභාවික පරිසරය එක්ක ගණදෙනු කරන නිසා වැසියන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහලයි වගේම මානසික ආතතියත් අඩුයි. ඒවගේම ස්වාභාවික පරිසරය ඔවුන්ගේ සංස්කෘතියේම කොටසක්.
[00:51.16] බීමට ජලය සම්පූර්ණයෙන්ම නොමිලේ
[00:52.89] 187000කට වඩා වැඩි විල් ගණනක් තියෙන ෆින්ලන්තය විල් දහසේ රට කියන විරුදාවලිය ලබනවා. රටේ තියෙන ජලාශවල ජලය කෙලින්ම බීමට ගන්න පුළුවන්. මේ හින්දම ඕනම වෙලැදසැලකින් නොමිලේම බෝතල් කරපු වතුර ගන්න පුළුවන්.
[01:03.90] හැම දරුවකුටම වයස 17 වෙනතුරු දීමනාවක්
[01:07.89] හැම දරුවකුටම වයස 17 වෙනතුරු දීමනාවක් ලැබෙනවා. පළවෙනි දරුවට යුරෝ 100කුත් අනිත් දරුවන්ට වැඩි ගාණකුත් රජය ලබාදෙනවා. තව පාසල් උපකරණ, සෙල්ලම් බඩු, සනීපාරක්ෂක දාව්‍යය රජය නොමිලේ නිවසටම ගෙනත් දෙනවා. මේ නිසා දරුවෝ නිවසේ ආර්ථිකයට බරක් නෙවෙයි.
[01:24.16] පොලිසිය පිළිබඳව ඉහළ විස්වාසය
[01:29.15] පොලිසිය ක්‍රියාත්මක වන්නේ සම්පූර්ණයෙන්ම ස්වාධීන ඒකකයක් විදිහට. වංචා,දූෂණ ඉතා අවමයි. සමීක්ෂණයටකට අනූව ජනතාවගෙන් 90%ක් පොලිසිය විස්වාස කරනවා. මේ හින්දම අපරාධ අවම මට්ටමේ තියෙනවා.
[01:38.64] ක්‍රීඩාව ජීවිතේම කොටසක්
[01:41.90] රටේ හැමකෙනෙක්ම වගේ කිසියම් හෝ ක්‍රීඩාවක නිරත වෙනවා.. අන්තර්ජාතික ක්‍රීඩා වගේම දේශීය ක්‍රීඩාත් තියෙනවා. ඒ අතර බිරිඳ කරේ තබාගෙන දිවීම රටේ ජනප්‍රිය ක්‍රීඩා අංගයක්.
[01:55.89] අන්තර්ජාලය භාවිතය අයිතියක්
[02:02.64] 2010 වර්ෂයේදී අන්තර්ජාල භාවිතය ජනතාවගෙ අයිතියක් බවට පත් කර තිබෙනවා.
[02:15.66] ඒ ඒ අයිතිය ලබාදුන්නු පළමු රට විදිහට.තම ප්‍රදේශයට හොද ආවරණයක් නැත්නම් පැමිණිලි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඒ රටේ ජනතාවට අන්තර්ජාල වේගය අඩුවුනොත් වන්දි ඉල්ලන්නත් පුළුවන්.
[02:18.64] ♪
[02:19.89] අම්මලාටත් වඩා තාත්තලා දරුවෝ ගැන බලන රටක්
[02:21.89] දරුවෙක් ඉපදුණාම තාත්තට පඩි සහිත සති 9ක නිවාඩුවක් ලැබෙනවා. තව දරුවොත් එක්ක කාලය ගතකරන්න දිරිමත් කරන වැඩසටහනුත් ක්‍රියාත්මකයි. දරුවා එලිමහන් ක්‍රියාකාරකම්වලට හුරුකිරීම,පොදු ස්ථානවලදී හදුන්වා දීම සංස්කෘතියේම කොටසක්.
[02:33.39] වැඩියෙන්ම පොත් කියවන රටක්
[02:39.66] ෆින්ලන්ත වැසියන්ගෙන් 70%කටත් වඩා තම ප්‍රදේශයේ පුස්තකාලයේ සක්‍රීය සාමාජිකයින්. පොත් මුදාණ ගාස්තු ඉතා අඩුයි වගේම පුස්තකාල පහසුකම් රජයෙන් සපයනවා.
[02:45.40] ලොව හොදම අධ්‍යාපනය සහිත රට
[02:47.39] අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ වගේම ලොව හොදම අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙත් ෆින්ලන්තයේ. පොත්පත්,පාසල් උපකරණ,ක්‍රීඩා භාණ්ඩ නොමිලේ සපයනවා වගේම අසහනකාරී විභාගත් නැති, අමතර පංතිත් නැති ෆින්ලන්ත දරුවෝ ලොව අඩුම මානසික පීඩනයක් සහිත දරුවන් බව හඳුනාගෙන තිබෙනවා.
[03:04.64] පාලන තන්ත්‍රය
[03:08.65] විශ්වසනීය හා පුළුල් සුභසාධන ප්‍රතිලාභ, අඩු දූෂණය සහ හොඳින් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය ආයතන ද ඔවුන්ගේ පුරවැසියන් විසින් වාර්තා කරන ලද ස්වයං පාලනයක් සහ නිදහසක් පිළිබඳ ඉහළ හැඟීමක් ද තිබේ.
[03:17.65] ෆින්ලන්ත වැසියන් මත්පැන් පානය කරන බව ඔබ දන්නවාද? ඔව් ! ඔවුන් හොඳ මත්පැන් පානයට ප්‍රිය කරන අතර ඔවුන් සතුට කරා යන මාර්ගයක් ලෙස මත්පැන් භාවිතයට යොමුවී තිබේ.
[03:29.39] SISU (සිසු)
[03:30.64] ෆින්ලන්ත භාෂාවෙන් 'සිසු' යන්නෙන් අදහස් කරන්නේ ශක්තිය, නොපසුබට උත්සාහය. මේක ෆින්ලන්තයටම අවේනික ක්‍රමයක්. මෙයින් ඕනම තත්වයක්ට මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරනවා. ඒ හින්දා ඕනෑම අවධාවමක් ගන්න, කැප වී වැඩකරන පුරවැසියෙක් බිහිවෙනවා.
