Supun Perera-Surath Suwaya
[00:01.51] නිල් වරල පුරා මල් අතුරලා
[00:18.48] බිඟුන් මත් කරනා
[00:22.98] රන් මුව මඩලින් රැස් විසිරුවා
[00:27.25] තොඩුන් දිදුලවනා
[00:30.75] නිම් නාද දී යන සත් ස්වරයෙන්
[00:35.75] දෙසවන් සිල් බිඳිනා
[00:39.51] හදසෙන් වැදී ගජසෙන් මඬිනා
[00:44.75] දෙව්ලියේ ඔබ කවුද
[00:48.49] ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයෙන්
[00:54.00] බැස කිමිදෙන්න
[00:58.50] දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
[01:04.48] සුරත් සුවය විඳගන්න
[01:24.99] මල් මකරන්දයෙන් නා දලු තෙමා
[01:29.49] මීවිත බොන්න
[01:34.00] පෝ සඳ අසලින් පුන් සඳ තියා
[01:38.51] සාවුන් සිපගන්න
[01:41.77] හද හද බැඳී ගත ගත වෙලී යන
[01:47.00] මේ රැය පුරාවට
[01:50.75] වීණා වැයුමට සකි පන්සිළු හට
[01:56.17] ඇරයුම් කරන්නද
[01:59.68] ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයෙන්
[02:05.19] බැස කිමිදෙන්න
[02:09.68] දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
[02:15.42] සුරත් සුවය විඳගන්න
[02:35.92] මේ නදුන් උද්යානයේ
[02:39.91] දැහැනින් සුවය වින්ද
[02:43.67] සිත බොලද වෙයි සසැලෙයි
[02:48.51] සොඳුරියේ නුඹ නිසාමද
[02:57.52] ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයේ
[03:04.76] කිමිදෙන්න
[03:07.52] දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
[03:15.26] විඳගන්න
